See more of Pinaa - පිනා on Facebook

Recent Post by Page
ගෝටා පූජා කවි
රන්වන් පාටින් බැබළෙන ගෝටා
නිල්වන් පාටින් පැමිනෙන ගෝට...ා
ජනපතිවරණෙට ඉල්ලන ගෝටා
දෙදහස් විස්සෙදි ජනපති ගෝටා
US ජනපදයෙහි සිට වැඩියා
US පුරවැසිකම අත හැරියා
ජනපති සටනට තරගෙට සිටියා
ඔහු ළඟ ලිලිපුට්ටෙකි මට සජියා
වැඩපල වෙත මම යනවා එනවා
සුවිසල් කටවුට් මට දිස් වෙනවා
ගෝටා එහි හිඳ මට හින හෙනවා
ඒ දැක තව තව සිත පැහැදෙනවා
කලකදි යුද්ධය අත හැර යාමය
කලකදි ආපසු මෙරටට ඒමය
ලැබදුන් මිනිසෙක් වේනම් සාමය
රනින් ලිවිය හැක ගෝටගෙ නාමය
එක්නැලිගොඩ දැන් කොහෙද සිටින්නේ
පොද්දල ජයන්ත රටින් පනින්නේ
ලසන්ත ගැන තඩි බොරුය කියන්නේ
මම නම් නෑ කිසි දොසක් කියන්නේ
මිනි කන මෝරුන් වැනි ලොකු සත්තූ
සුරතලයට ඇති කරනට ගත්තූ
ගෝටා වැනි රජ කුලයෙහි ඇත්තූ
සිරිලක පිනකින් ජන්මය ගත්තූ
පෙරකල මහ ගඳ ඇති උරුලෑවෝ
ඔහු දැක ඔහු අසලට බඩගෑවෝ
කොතරම් ගඳ ගැහුවද උන් ගාවෝ
ගෝටගෙ පිං බලයෙන් සුව වූවෝ
ජනබල මෙහෙයුම් පාරෙ තියෙන්නේ
පාර පුරා මිනිසුන් පොදි කන්නේ
ට්‍රැෆික් එකේ පෝලිම දික් වෙන්නේ
ගෝට නොදැක නැහැ කවුරුත් යන්නේ
ගෝට නොදැක ගියොතින් වෙයි සාපය
ඒ හඬ නොඇසුවොතින් වෙයි පාපය
අල්ලා සිරුරට සුවදැති දූපය
වදිමු වදිමු අපි ගෝටගෙ රූපය
ජාතික ජන බල වේගය තිබුණට
පියතුම වාගේ මහ මඟ මැරුණට
රටක් ලෙසට අපි පෙරටම යන්නට
ගහමු අපිත් අපෙ ඡන්දය ගෝටට
මම මේ රැලියට යනවා එනවා
නොදැනිම මට හූ කියවෙනවා
මගෙ කන අත ගා විනය හදනවා
ගෝටා සර් අපෙ මතු බුදු වෙනවා
© අරුණ වික්‍රමආරච්චි See More
