Dishan Thilakshana
about 5 years ago

ගුරුදෙවිඳුන් ගෙන් අහලා තියෙන්නේ මං
පුතේ,
දන් දෙන්න පුළුවන් වේලාවේ දෙන්න පුළුවන් හොදම දේ වටිම දේ දන් දෙන්න කියලා.💝

අතේ තියන සතේ හරි වියදන් කරලා මනුස්සයෙක්ගේ කුසක් පුරවන්න හිතුනු හැම මොහොතේදීම ඒ පින ඒ අයුරින්ම මගේ ජිවිතේ දී කරලා තියනවා💪

...

මගේ වෙඩිම දවසේ කියලා ඒක ලොකු දෙයක් නෙවෙයි.😊

කුස ගින්න කියන්නේ හැම මනුස්සයෙක් හටම පොදු දෙයක්.😕

හැකිනම් අපට පුළුවන් හැම වේලාවක මනුස්සයෙක් ගේ කුසක් පුරවලා ඈතින් ඉදන් බලලා සතුටින්ම සිහි කරන්න එයින් ලැබෙන සතුටු කිසිදාක මිල කරන්න බැරි වේවි ❤️

මේ කටයුතු කර ගෙන යද්දී ගෙදර යන්න කලින් සුන්දර අදහසක් ආවා.

මනමාලයෙක් මනමාලියක් පාරේ ඇවිදන් ගිහින් කෑම බෙදනවා අපේ ජිවිතේ කිසිම දවසක දැකලා තිබුනේ නෑ ඒත් හිතුනා මේ අසරණ මිනිස්සුන් ගේ කුස පුරවලා ගෙදර උත්සවයට යන්න.

මාතරම ඒ මොහොතේ ඉදපු හැම යාචක මනුස්සයෙක් හටම #Pizza 🍕 🍕🍕🍕 එකක් එක්ක Coke දුන්නේ ජිවිතේ ඒ මනුස්සයෝ හට නොලැබුණු දෙයක් විදියටමයි❤️

අනේ මහත්තයා මේක කන්නේ කොහොම ද කියලා මාමා කෙනෙක් අහපු වෙලාවේ පපුව පිච්චිලා ගියා😢

මලයා පරක්කු උනාට කමක් නෑ මේක කරලම යමං.ගෙදරට යද්දී 12ත් පහුවෙලා.
ඒ වගේම මේ සුන්දෘර දානේ මට දෙන්න ඕන නිසා ගෙදර අම්මා තාත්තා කොහෙද පුතේ කොහේ ද අහද්දිත් මේ සුන්දර පින් කමත් කර ගෙනම තමයි ගෙදරට අඩිය තිබ්බේ.💝💪

ඒ හිනාව
ඒ වචන හැමදාකම අපේ හදවත් වල රැව්දෙවි.

හැකිනම් ජිවිතේ හැමදාකම සතුටින්ම ඉන්න පුළුවන් අයුරින්ම ජිවිතේ පටන් ගන්න.

වචනයකින් හරි උපකායක් කලා වූ සියලුම දෙනාට බොහොමයක් පින් 💝💪❤️

Clik 📷 Udesh Riyan
Grooms Hair 💇 Chamara Amil

See more
No photo description available.
No photo description available.
No photo description available.
No photo description available.
No photo description available.
+24